මහ බැංකුව ඊයේ බිලියන19.6ක් අච්චු ගහලා : රජිත් කීර්ති තෙන්නකෝන්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (15) වැනිදා තවත් රුපියල් කෝටි 1963ක් අච්චු ගසා ඇති බව දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙරට බඩු විශාල ලෙස වැඩිවීමට මෙම මුදල් අච්චු ගැසීම ප්‍රධානම හේතුවක් වී ඇති බව ඒ මහතා අවධාරණය කරයි.
2020 ජනවාරි සිට මේ දක්වා අච්චු ගසා ඇති මුදල කෝටි 138,768කි. ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමෙන් පසුව 2020 ජනවාරි 1 වැනිදා දක්වා අච්චු ගසා තිබූ මුදල මෙය මෙන් විසි ගුණයකට ආසන්න බවද වාර්තා වේ.
1952 න් පසුව, ඉතිහාසයේ පළමු වතාවට මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් ඝෘණ අගයක් බවට පසුගිය සතියේ දී පත්විය. මෙරට බැංකු පද්ධතියට පිටින් උන්ඩියල් ක්‍රමයට ඩොලර් හුවමාරුවන කළු කඩ මුදල් ජාවාරම පුළුල් වී ඇතැයිද ඒ මහතා පවසයි.
2022 ජනවාරි මස ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 500 ක් ද, සංවර්ධන බැඳුම්කර සඳහා තවත් ඩොලර් මිලියන 429 ක් ද ගෙවිය යුතුව ඇත. 2022 මාර්තු මස තවත් ඩොලර් මිලියන 510 ක සංවර්ධන බැඳුම්කර මුදල් ගෙවිය යුතුව තිබේ.