නොරොච්චෝල ගල් අගුරු ටෙන්ඩරයට කිසිවෙකු නෑ.. අත්පිට මුදල් ඉල්ලයි..

ශ්‍රී ලංකාවේ ඩොලර් හිඟය නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අගුරු මිලට ගැනිමේදීද බලපා ඇත.

බලාගාරය සදහා ගල් අගුරු මිලදී ගන්නා ලංකා ගල් අඟුරු සමාගම විසින් කැඳවන ලද අවසාන ටෙන්ඩර් දෙක සඳහා සැපයුම්කරුවන් කිසිවෙකු ඉදිරිපත් වී නැත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සුපුරුදු ක්‍රමය වන ණයවර ලිපි හරහා ගණුදෙනු කිරීම වෙනුවට ගල් අඟුරු මිලදී ගැනීම් සඳහා කලින් ගෙවීම් කරන ලෙස සැපයුම්කරුවන් ඉල්ලා සිටීම නිසා ගැටළුව හට ගෙන ඇති බව ආරංචි මාර්ග පවසයි.

ගෝලීය ගල් අඟුරු මිල විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් මෙම ගැටළුව වඩාත් සංකීර්ණ වී ඇති අතර පෙර මුදල් ගෙවා ගල් අගුරු මිලදී ගැනීම සමාගමට කල නොහැකි තත්වයක් ඇතිව තිබේ.

පෙර පැවති සියලුම ණයවර ලිපි නිසි ලෙස සපුරා තිබුණද රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව මෙය වෙනස් වේ යැයි බියෙන් සැපයුම්කරුවන් ලංසු තැබීමෙන් වැළකී ඇතැයිද වාර්තා වේ.

ඉල්ලුම්කරුවන් නැති විම මත ගල් අඟුරු මෙට්‍රික් ටොන් 300,000 බැගින් වන ටෙන්ඩර දෙකක් සැප්තැම්බර් 30 දා සහ පසුගිය සිකුරාදා දිනයේ වසා දමා ඇති අතර ඒ හේතුවෙන් නොවැම්බර් මාසයේදී පැමිණිය යුතු ගල් අගුරු මෙට්‍රික් ටොන් 300,000 ක හිඟයක් දැන් පවතී.

කෙසේ වෙතත්ල බලධාරීන් සදහන් කරන්නේ ලක්විජය බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා තොග ඇති බවත් ගල් අඟුරු අවසන් වේ යැයි බියක් නැති බවත්ය.

විශාලතම ගල් අඟුරු අපනයනකරු වන ඉන්දුනීසියාවේ අපනයන අඩු වීම මත ශ්‍රී ලංකාව ගල් අගුරු මිලට ගැනීමට දකුණු අප්‍රිකාව කරා යොමු විය යුතුව ඇතත් මෙය වඩාත් මිල අධික කටයුත්තකි.

ශ‍්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් වැඩිම කොටස සපුරන්නේ නොරොච්චෝල බලාගාරයයි.