අංගොඩ ලොක්කාගේ සගයා වෙඩි තබා මරුට!

අංගොඩ, මුල්ලේරියාව ප්‍රදේශයේදී අද අලූයම සිදුවූ වෙඩි තැබීමකින් 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් එක් අයෙක් තුවාල ලබා ඇත.

පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කාගේ සගයකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාද පාතාල කල්ලියට සම්බන්ධ අයෙකු බව පැවසේ. ඔහු අංගොඩ ලොක්කාගේ සමීපතමයකු වන අතර විදේශගතව සැඟවී සිටින ‘ඉතාලි සමින්ද’ ගේ ද සමීපතමයකු බව අනාවරණය වී තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයා නිවසට ඇතුළු වී මෙම පහරදීම සිදුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.