ගුවන්තොටුපලේ PCR පරීක්ෂණාගාරයේ වැඩ අද (27) යළිත් ආරම්භ විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය නොමැතිවීම නිසා වසා දමා තිබූ කටුනායක ගුවන්තොටුපලේ PCR පරීක්ෂණාගාරයේ වැඩ කටයුතු අද (27) යළිත් ආරම්භ විය.

ඒ අනුව ලංකාවෙන් පිටත්ව යන සියලුම ගුවන් මගීන්ට සහ එක් එන්නතක් පමණක් ලබාගෙන ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ට අවශ්‍ය PCR පරීක්ෂණ කටයුතු ඇරඹිණි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කටුනායක ගුවන්තොටුපලට අනුබද්ධිත ඒ.ඒ.එස්.එල් හොස්පිනෝම් PCR පරීක්ෂණාගාරය සදහා මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලැබී ඇති අතර පැය තුනක් ඇතුළත PCR පරීක්ෂණ වාර්තාව ලබාදීමට කටයුතු කරන බව රසායානාගාරයේ කාර්යභාර කළමනාකරු සුමුදු සරසිරාජා සඳහන් කළාය.

“අප රසායනාගාරය කටුනායක ගුවන්තොටුපල හා අනුබද්ධිතව පවත්වාගෙන යන PCR රසායනයාගාරයක්. පැය තුනක් වැනි කාලයක් ඇතුළත කොවිඩ් 19 පරීක්ෂණ සදහා වූ ප්‍රථිඵල අපි ලබාදෙනවා. PCR පරීක්ෂාව පොසිටිව් වන අය ගුවන්තොටුපල අධීක්ෂණය යටයෙත් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරනවා. නෙගටිව් වන අය තමන්ගේ ගමනාන්තය දක්වා ගමන් කිරීමට හැකියාව ලැබෙනවා,” යැයි ඇය පැවසුවාය.

ඒ අනුව සිය ගුවන් යානය පිටත්ව යන වේලාවට පැය හයකට පෙර ගුවන්තොටුපල වෙත පැමිණෙන මගීන්ට සිය PCR පරීක්ෂණය සිදුකරගෙන විදේශගතවීමට අවස්ථාව උදාවේ. පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් රැඳී සිටින ගුවන් මගීන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමටද කටයුතු කර තිබේ.

අද (27) අළුයම 2.15 ට කටුනායක ගුවන්තොටුපල වෙත, පැමිණි කටාර් ගුවන් සේවයේ ක්‍යු.ආර්. 668 දරණ ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් පිරිසක් පළමුව මෙම රසායනාගාරය වෙත පැමිණ සිටියහ.