අද සිට ෆේස්බුක් නෑ!
ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය ජාලා සමාගමක් වන ෆේස්බුක්, සිය ආයතනික නාමය Meta ලෙස වෙනස් කර ඇත.
සිය සමාගම ප්‍රති සන්නාමගත කිරිමේ වැඩපිළිවෙල යටතේ ඔවුන් එලෙස නම වෙනස් කිරිමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.
මෙම නම් වෙනස් කිරීම Facebook, Instagram සහ Whatsapp වැනි යෙදුම් සඳහා අදාළ නොවන අතර, එම යෙදුම් අයත් මව් සමාගමේ නම පමණක් වෙනස් කිරීම සිදුවේ.
ෆේස්බුක් සමාගමේ හිටපු සේවිකාවක් විසින් නිකුත් කරන ලද ලේඛන මත පදනම් ව ෆේස්බුක් සමාගම පිළිබඳව ලොවපුරා සෘණාත්මක දැක්මක් ඇතිවීම මෙම පියවර ගැනීමට ප්‍රධාන හේතුව වී ඇත.