හෙට විදුලිය ඇණ හිටියොත් ජල සැපයුමත් අවදානමක

විදුලි සේවකයන් හෙට දිනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත උද්ඝෝෂණයට සමගාමීව විදුලිය විසන්ධි වීමක් සිදුවුවහොත් ජල සැපයුම සම්පූර්ණයෙන්ම ඇණහිටීම වැළැක්විය නොහැකි බවට ජලසම්පාදන මණ්ඩලයේ ඉංජිනේරුවන් අනතුරු අඟවනවා.

විදුලිය විසන්ධි වනවාත් සමඟම ජල සැපයුම් පොම්පාගාර අක්‍රියවීම එම තත්ත්වයට හේතුව බවයි ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරුවරුන් පෙන්වා දෙන්නේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේ වුව ද විදුලිය විසන්ධි කර නැවත ලබා දුන්න ද අක්‍රිය වූ පොම්පාගාර යළි යථා තත්ත්වයට පත් කිරීමට පැය දොළහකට අධික කාලයක් ගතවන බව ද එම ඉන්ජිනේරුවෝ පෙන්වා දී සිටිනවා.

ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන් වැඩවර්ජනයකට යාමට කිසිදු පියවරක් ගෙන නොමැති බව ද එම ඉන්ජිනේරුවෝ වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.