ස්විස් ගුවන් සේවය යළිත් ලංකාවට

ස්විට්සර්ලන්තයේ ‘ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවය යළිත් 2019 වසරෙන් පසු අද (05) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා විය.

ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට පැමිණි ඩබ්ලිව්.කේ.- 64 දරන ගුවන් යානයෙන් විදේශීය සංචාරකයන් 96 දෙනෙකු සහ ගුවන් නියමුවා ඇතුළු කාර්යය මණ්ඩලය 12 දෙනෙකු ද පැමිණ සිටියහ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවය අද සිට සතියකට එක් වරක් , එනම් සෑම සිකුරාදා දිනයකම සුරීච් සහ කටුනායක ගුවන් තොටුපළ අතර ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම ගුවන් යානය සහ එහි පැමිණි ගුවන් මගීන් පිළිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ උත්සවයක්ද සංවිධානය කර තිබුණි.