T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියාව ලෝක ශූරයින් වෙයි !
ලෝක කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී නවසීලන්තය කඩුලු 08කින් පරාජයට පත්කරමින් එම ශූරතාව දිනා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය.
පන්දුවාර 20-20 ලෝක ශූරයින් ලෙස ඕස්ට්‍රේලියාව කිරුළු පැළඳි පළමු අවස්ථාව මෙය වේ.
නවසීලන්තය මුලින්ම පන්දුවවට පහරදෙමින් සිය පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 172ක් ලබාගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව පන්දුවාර 18.5 කදී කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේය.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මිෂෙල් මාර්ෂ් නොදැවී ලකුණු 77ක් රැස් කළ අතර ඩේවිඩ් වෝනර් ලකුණු 53ක් රැස් කළේ ය.
තරගාවලියේ වීරයා සම්මානය ලකුණු 147ක සාමාන්‍යක් රඳවා ගනිමින් තරගාවලිය පුරා ලකුණු 289ක් රැස් කළ ඩේවිඩ් වෝනර්ට හිමිවිය.