ශ්‍රීලන්කන් ගුවන් මගීන් 5ක් සිංගප්පූරුව බ්ලැක්ලිස්ට් කිර ඇතැයි වාර්තාවේ?
ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ගමන්ගත් සංක්රමනික (transit) මගීන් පස්දෙනෙකුට සිංගප්පූරු ගුවන් තොටුපලේදී එම ආගමන විගමන නිලධාරීන්ගේ තාඩන පීඩනවලට ලක්වීමට සිදුවූයේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ වරදකින් යන්න පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ඒ අදාළ ගුවන් මගීන් විසින් ඔවුන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් බලධාරීන්ට පැමිණිලි කර තිබීම නිසාය.
පසුගිය ඔක්තෝබර් 31 වැනිදා අදාළ මගීන් UL 308 ගුවන් යානයෙන් එසේ සිංගප්පූරුව වෙත ගොස් තිබිණි.
මෙසේ ගමන්ගෙන ඇත්තේ ශ්‍රී ලාංකික මගීන් තිදෙනෙකු හා පිලිපීන ජාතික මගීන් දෙදෙනෙකි.
ශ්‍රී ලාංකික මගීන්ගේ ගමනාන්තය ජපානයේ නරීටා ගුවන් තොටුපල වී ඇති අතර පිලිපීන ජාතිකයින්ගේ ගමනාන්ත ගුවන් තොටුපල වී ඇත්තේ පිලිපීනයේ මැනිලා ගුවන් තොටුපලයි.
මේ මගීන් පස්දෙනාම සෘජු මිලදී ගැනීම් අනුව ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ගුවන් ප්‍රවේශපත් ලබාගත් අය වෙති.
එසේම කටුනායක ගුවන් තොටුපලේ ශ්‍රී ලංකා ගුවන් සේවයේ පිරික්සුම් කවුන්ටරය මගින් boarding අවසර පත්‍ර තිදෙනෙකුට නරිටා ගුවන්තොටුපල දක්වාත් දෙදෙනෙකුට මැනිලා ගුවන් තොටුපල දක්වාත් නිකුත් කර තිබූ බවද පැවසේ.
ඔවුන්ට චැංගි ගුවන් තොටුපලේ සිට නරිටා ගුවන් තොටුපල දක්වා යාමට ද JL 712 (UL 3354) යානය සඳහා boarding අවසර පත්‍රය නිකුත් කර තිබී ඇත.
චැංගි ගුවන් තොටුපලේදී සිංගප්පූරු ආගමන නිලධාරීන් විසින් අදාළ ගුවන් ගමනාන්තයට මොවුන් නොයවා ඔවුන් අඳුරු කාමරයකට දමා සිරකොට තිබේ.
කෙසේවුවද, ශ්‍රීලන්කන් ගුවන් සේවය චැංගි ගුවන් තොටුපලින් එහි ගුවන් මගීන්ට සංක්රමනික (transit) යාමට අවසර ලබා නොදෙන බව දැන සිටියදී අදාළ ගුවන් මගීන්ට ගුවන් ටිකට්පත් නිකුත් කර තිබූ බව එම මගීහු චෝදනා කරති.
සිද්ධිය සිදුවූ අවස්ථාවේ අදාළ මගීන් ශ්‍රීලන්කන් සභාපති අශෝක පතිරගේ මහතාවද දැනුවත් කර ඇති බව පැවසේ.
කෙසේවුවද, මේ තත්ත්වය හේතුවෙන් අදාළ මගීන්ව සිංගප්පූරුවෙන් පිටුවහල් කිරීම නිසා ඔවුන්ට නැවත සිංගප්පූරුවට කිසිදු දිනක යා නොහැකි තත්ත්වයක් ඇතිව ඇති බවද වාර්තා වේ.
එහි සිටි ලාංකික මගීන් තිදෙනා නැවත ලංකාවට ගෙන්වාගෙන ඇත්තේ සිංගප්පුරුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ද මැදිහත්වීමෙන් පසුව වන අතර ඔවුන්ට මෙරට පැමිණීමෙන් පසුවද ඔවුන් ආගමන විගමන නිලධාරීන් පැය තුනහමාරක පමණ කාලයක් රඳවාගෙන සිට ඇත.