විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සල්ලි ලංකාවට එවන, උණ්ඩියල් ක්‍රම භාවිතය ඉහල ගිහින්!

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මේ දිනවල ලංකාවට මුදල් එවීමට වැඩි වශෙයෙන් උණ්ඩියල් ක්‍රමය භාවිතා කරන බව වාර්තා වේ.

මෙම ක්‍රමය මේ වන විට බහුල වශයෙන් භාවිත කරනු ලබන්නේ ඔස්ට්‍රේලියාවේ සිටින ලාංකිකයන් බවද පැවසේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙතෙක් නිල වශයෙන් සිදු කෙරෙන බැංකු ට්‍රාන්ස්ෆර් හෝ වෙස්ටර්න් යූනියන් වෙනුවට ලංකාවේ සිටින කළු සල්ලි සුදු කරන කණ්ඩායමක් හා එක්ව එහි සිටින තැරැව්කරුවන් කිහිප දෙනෙකු ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියටද හොරෙන් මෙම මුදල් එවීම සිදු කරන බව එරට ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මොවුන් කරන්නේ ලංකාවට මුදල් එවන අයකුගෙන් එරටදී ඩොලර් රැගෙන ඔහුගේ ලංකාවේ බැංකු ගිණුම් අංකය ලබාගෙන අදාළ ගිනුම් අංකයට ලංකාවේ සිටින ඒජන්තයා හරහා CDM (cash deposit machine) යන්ත්‍රයකින් ඩොලර් වෙනුවට රුපියල්වලින් එදිනම අදාල මුදල් බැර කිරීමයි.

එබැවින් උන්ඩියල් ක්‍රමය මේවන විට බෙහෙවින් ජනප්‍රිය වී ඇතැයි ද වාර්තා වේ.

මේ හේතුවෙන් ලංකාවට ලැබෙන ඩොලර් ප්‍රමාණයද අඩු වන අතර මෙහි සිටින හොර ජාවාරම් කරුවන්ට තම කළු සල්ලි සුදු කිරීමටත් එමගින් ඩොලර් උපයා ගැනීමටත් අවස්ථාව සැලැසී ඇති බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි.

මෙම ගණුදෙනුව සඳහා එරට සිට ඩොලර් ලබා ගන්නන් තම අනන්‍යතාව රහසේ තබා ගැනීමට ප්‍රවේශම් වන අතර මේ සඳහා රිසිට් පතක් හෝ ලබා නොදෙන බවද පැවසේ.