වකුගඩු රෝග වැළදෙන බවට, ආණ්ඩුවට ලණු දෙන දොස්තරලා කව්ද? : දයාසිරි ජයසේකර (Video)
රසායනික පොහොර භාවිතය හේතුවෙන් වකුගඩු රෝග වැළදෙන බවට ඇතැම් දොස්තරලා ආණ්ඩුවට ලණු දී ඇති බවත්, ඒ හේතුවෙන් රසායනික පොහොර තහනම් කිරීම හේතුකොටගෙන ගොවිතැන විශාල වශයෙන් කඩා වැටී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කීය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වකුගඩු රෝගය වැළදීමට ප්‍රධානම හේතුව දියවැඩියාව සහ අධිරුධිර පීඩනය බවත්ය.
එමනිසා ඉදිරි කන්නයේ සිට හෝ රසායනික පොහොර භාවිතයට අවසර ලබා දිය යුතු බව ඒ මහතා පෙන්වා දුන්නේය.
කාබනික කරන්න ඇවිත් ග්ලයිෆොසේට් තහනමත් ආණ්ඩුව ඉවත් කරයි!
ග්ලයිෆොසේට් ඇතුළු පළිබෝධනාශක පහක් සඳහා නීති පනවා තිබූ තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
පලිබෝධ නාශක රෙජිස්ටාර්වරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයකින් මෙම තහනම ඉවත් කිරීම සිදු කර ඇත.
ඒ අනුව පලිබෝධනාශක වර්ග පහක් තහනම් කරමින් 2014 වර්ෂයේ දෙසැම්බර් 22 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනය අහෝසි වෙයි.
තහනම ඉවත් වන පලිබෝධ නාශක වර්ග වන්නේ ගල්යිපොසේට්, ප්‍රොපනිල්, කාබරිල්, කිබොෆියුරාන්, ක්ලොෆයිරිෆොස් යන ඒවාය.