ශ‍්‍රී ලංකාව රටවල් කිහිපයක ගුවන් මගීන් තහනම් කරයි…

රටවල් කිහිපයක සිට පැමිණෙන පුද්ගලයන්ට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම අද දින සිට තහනම් කර තිබේ.

එසේ තහනම් කර ඇත්තේ දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන නව විකෘති කොරෝනා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් වාර්තා වී ඇති රටවල සිට පැමිණෙන අයටයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව විදේශිකයින්ට මෙන්ම අදාල රටවල සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන්ටද මෙරටට පැමිණීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කිරීමටයි තීරණය කර ඇති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස ප්‍රකාශ කර සිටියි .

දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ, ස්වාසිලන්තය, ඇංගෝලාව, මොසැම්බික්, ලෙසතෝ. බොට්ස්වානා, නැම්බියා යන රටවල සිට පැමිණෙන්නට මෙම තහනම ක‍්‍රීයාත්මකය.

එම රටවල්වල සිට යම් අයෙකු මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පිටත්ව ඇත්නම් එලෙස පැමිණෙන පිරිස් නිරෝධායනයට යොමු කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

දකුණු අප්‍රිකානු විකෘති වෛරස් ප්‍රභේදය වාර්තා වී ඇති රටවල සංචාරකයින්ට තහංචි පැනවීමට අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ජපානය, ජර්මනිය, ඉතාලිය, ඊශ්‍රායලය හා සිංගප්පූරුව දැනටමත් පියවර ගෙන තිබෙනවා.