යාපනය දේවස්ථානයට වූ ප්‍රහාරය මානසික රෝගියෙකු විසින් වූවක්, කළබල නොවන්න : දේවස්ථානය භාර පියතුමා
යාපනය කොටුවේ පිහිටි දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරය සැලසුම් සහගත ප්‍රහාරයක් නොවේ. නවන්දුරේ ජේසුරත්නම් පියතුමා මාධ්‍ය වෙත පවසා තිබේ.
අද පෙරවරුවේ දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
ශාන්ත අන්තෝනි දේවස්ථානයට අද උදෑසන මානසික රෝගියෙකු විසින් දේව පිළිම හානි කර ඇත.අපරාධකරු අපට හුරුපුරුදු කෙනෙක්ය.
ඔහු මානසික රෝගියෙකු වන අතර බොහෝ කලක සිට මෙම දේවස්ථානයේ නැවතී සිටියි. ඔහුව එලවා හරියන්න අපි කිහිප වතාවක්ම උත්සහ කළත් , ඔහු ගියේ නැත.
ප්‍රහාරය මානසික රෝගියෙකු විසින් සිදු කරපු දෙයකි. ඔහුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. පසුව මට දන්වා එව්වා , මා පොලිසියට ගොස් පැමිණිල්ලක්ද දැම්මා.
මේ සම්බන්ධයෙන් මහජනතාව ව්‍යාකූල විය යුතු නැති අතර කිතුනු දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල වූ නිසා කිසිවකු ව්‍යාකූල විය යුතු නැති බැවින් , පොලිසිය සිය පසුවිපරම් ක්‍රියාමාර්ග ගනු ඇත.
මෙය මානසික රෝගියෙකු විසින් කරන ලද ක්‍රියාවක් මිස හිතාමතා කළ දෙයක් නොවන බව මම ජනතාවට පැහැදිලිව කියන්න කැමතියි.