විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය රටම කළුවර කරන්න ලෑස්ති වෙයි!

බලාගාරවල සේව කරන ඉංජිනේරුවරුන් ද ඉදිරියේදී රාජකාරියෙන් ඉවත්කර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටියද බලාගාර හා මෙහෙයුම් පද්ධතිවල ඉංජිනේරුවන් සේවාමුරක්‍රමයට රාජකාරිකරන බව ද ඉදිරි පියවරේදී ඔවුන්ද රාජකාරිවලින් ඉවත්කර ගන්නා බව ද ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පවසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ලංවීම ඉංජිනේරු සංගමය ආරම්භකර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පියවරෙන් පියවරට දැඩි කරන අතර අවසානයේ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක කරන බව ද සභාපතිවරයා කීවේය.

වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළහොත් මුළු රටම අඳුරේ වැටෙන බව ඔහු පවසයි.