ජනපති සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නි අගමැති අතර හමුවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනය නැරඹීමට එක්ව තිබේ.

එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය පාලක, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ෂෙයික් මක්ටුබ් බින් මොහොමඩ් රෂීඩ් අල් මක්ටුම් මහතා හමුවී සාකච්ඡාවක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම හමුව දෙරට අතර මිතුදම ශක්තිමත් කරන්නක් බව රාජ්‍ය නායකයෝ දෙදෙනා සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

කොවිඩ් මර්දන සහ එන්නත්කරණ වැඩපිළිවෙලෙහි ප්‍රගතිය සහ කොවිඩ් පසුබිමක ආර්ථිකයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා, එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාව දැනුම්වත් කර ඇත.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ අනන්‍යතාවය ලොවට රැගෙන යාමට එක්ස්පෝ ප්‍රදර්ශන කුටිය ඉවහල් වන බව පැවසූ ජනාධිපතිවරයා ඊට අවස්ථාව ලබාදෙමින් දැක්වූ සහායට සිය ස්තූතිය පිරිනමා තිබේ.