ග්‍රෑන්ඩ්පාස් ව්‍යාපාරිකයා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ

රුපියල් කෝටි තුනක් පමණ වටින අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේ ඉන්දියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු විසින් එම මත්ද්‍රව්‍ය තොගය රැගෙනවිත් ඇති බවය.
ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1.5ක් සොයාගෙන ඇත.
සැකකරු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.