මනූ­ෂට නිසි වෙලාව දී නෑ: විපක්ෂයේ මන්ත්‍රීවරු මැතිසබයේ කළහකාරී වෙති

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ කාරක සභා විවාදයේ දී විපක්ෂය නියෝජනය කරමින් අදහස් දැක් වූ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට නිසි වේලාව නොදීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය විරෝධය පාමින් පාර්ලිමේන්තුවේ කළහරිකාරී හැසිරීමත් සමඟ ඊයේ (03) උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් නැගී සිටිමින් සිය කතිකයාට වෙලාව ලබාදෙන්නයි ඉල්ලා සිටිමින් කතානායකවරයා බලකරමින් කෑ කෝ ගසන්න වූහ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සභා ගර්භයට පැමිණ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විරෝධය පෑමත් සමඟ දෙපාර්ශ්වය අතර දැඩි වචන හුවමාරුවක් වූහ.

නලින් බණ්ඩාර ජයමහ මන්ත්‍රීවරයා පොත්පත් විසි කරමින් විරෝධය පාද්දි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුද ඔහුට විරෝධය පාන්නට වූහ.

එහිදී කතානායකවරයා මහජන ආරක්ෂක ඇමැතිවරයාට සිය කතාව කර ගෙන යන ලෙස ප්‍රකාශ කිරීමත් සමඟ විපක්ෂය නියෝජනය කරනු ලබන සමගි ජනබල වේගයේ මන්ත්‍රීවරුන් සභා ගැබෙන් ඉවත්ව ගිය අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සභා ගර්බයේ රැදී සිටියහ.

වැය ශීර්ෂ විවාදය අවසානයේදී ආරක්ෂකඅමාත්‍යාංශ වැය ශීර්ෂය සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බවට දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටියේය. එහිදී කතානායකවරයා සඳහන් කළේ ඡන්ද විමසීමක් අවශ්‍ය නම් ඒ පිළිබඳව පැය 24 කට පෙර දැනුම් දිය යුතු බවයි. එහෙත් එවැනි දැන්ම්දීමක් කර නැති හෙයින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කළ පරිදි වැය ශීර්ෂයේ සඳහා විරෝධතාවය දක්වන පක්ෂයේ විරෝධතාව සටහන් කරගන්නා බවයි.