අවුන් සාන් සුකීට වසර 04 ක සිර දඩුවමක්
බලයෙන් පහ කෙරුණු මියන්මාර නායිකා අවුන් සාන් සූකීට වසර 04 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඒ, මියන්මාර විශේෂ අධිකරණයක් විසින්. ස්වභාවික විපත් නීතිය යටතේ විසම්මුතිය ඇවිස්සීම සහ කොවිඩ් නීති කඩ කිරීම යන චෝදනාවලට ඇය වැරදිකාරිය කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඇයට එල්ල කළ චෝදනා 11 ම ඇය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. 70 හැවිරිදි වියේ පසුවන අවුන් සාන් සුකී, හමුදා කුමන්ත්‍රණයක් ඔස්සේ ඉකුත් පෙබරවාරි මාසයේදී බලයෙන් පහ කිරීමට එරට හමුදා ප්‍රධානියා කටයුතු කළා.