නිකන් ලැබුණු රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට් කිට් හදිසියේ ආනයනය කිරීම ගැටලූවක්
රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ලක්ෂ පහක ප්‍රමාණයක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නොමිලේ ලබාදී තිබියදී ඒවා ලක්ෂ දෙකක් පමණ හදිසියේ ආනයනය කිරීම බලවත් ගැටලූවක් බව සමගි ජනබලවේගයේ මන්තී‍්‍ර වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (13 වැනිදා) පැවසීය.
අත්‍යවශ්‍ය පීසීආර් පරීක්ෂණ කට්ටල සඳහා යොමු නොවෙමින් වැඩ කරන එක දිනක් තුළ අදාළ රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ගෙන්වීමට කටයුතු කළ රජයේ ක්‍රමවේදය රටේ කොරෝනා මර්දනය වෙනුවෙන් යොමු කළේ නම් මේ වන විට ලංකාව කොරෝනා තුරන් වූ රටක් බවද සේනාරත්න මහතා කීය.
අදාළ රැුපිඞ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ගෙන්වීම සඳහා ඔක්තෝබර් 28 වැනිදා ටෙන්ඩර් කැඳවා නොවැම්බර් 02 වැනිදා එය අවසන් කළ බවත් 05 වැනිදා ඒවා මෙරටට ගෙන්වීම ප්රාතිහාර්යයක් බඳු බවත් ඉතිහාසයේ කිසිම දිනෙක මෙසේ කටයුතු කර නැති බවත් ඒ මහතා පැවසීය.
මෙම පරීක්ෂණ කට්ටල ගෙන්වූ පසුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඊට අදාළ ඇගයීම් සිදුකර අදාළ වාර්තාව එදිනම නිකුත් කර තිබෙන බවද මේ කඩිනම් වැඩපිළිවෙළ රටට විශාල සැකයක් උපදවන්නක් බවද රාජිත සේනාරත්න මහතා කීය. රැපිඞ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ගෙන්වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊයේ (13 වැනිදා) පැවැති විවාදයේදී මන්තී‍්‍රවරයා මෙම අදහස් දැක්වීය.