අපි ගුටිකාලා දුවන්නෙ නෑ – ෆොන්සේකා

කමිටු පත්කිරීමකින් නොනැවති පාර්ලිමේන්තුව තුළ මැර දේශපාලනය අවසන් කිරීමට පියවර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටී.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පහරදීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද (07) තුන්වන දිනටත් පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේ නමුත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තු සභාවට පැමිණ ඉන් පිටව යන අයුරු දක්නට ලැබුණි.

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද දිනයේත් පාර්ලිමේන්තුව තුළ සිය ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු වට රවුමේ විරෝධතාවයක නිරත විය.

විරෝධතාවය අවසානයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට පැමිණි මන්ත්‍රීවරුන් ” විපක්ෂයේ පාර්ලිමේන්තුව” යන මැයෙන් පවත්වන මාධ්‍ය හමුවටද එක්විය.

එම විරෝධතාවයට එක්වෙමින් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

“කතානායකවරයා මේ ප්‍රචණ්ඩත්වය සහ භීෂණය ඉදිරියේ තීන්දුවක් ගන්නට බැරුව කමිටු පත්කරමින් සිටිනවා. අද අවශ්‍යතාවය වෙලා තියෙන්නේ කමිටු දේශපාලනය ක්‍රියාත්මක කිරීම නොව. මැර දේශපාලනය සභාගර්භය තුළ ක්‍රියාත්මක කරන්න කටයුතු කරන රජයේ මැති ඇමතිවරුන්ට විරුද්ධව පියවර ගන්නට ඕනේ. කථානායකවරයාට කොන්දක් තිබෙන්නට ඕනේ. ඒ නිසා අපි බොහොම තදින්ම කියා සිටිනවා කථානායකවරයාට අද දවසේවත් මේ පිළිබඳව අවසාන තීන්දුවක් ගන්න.”

එහිදී අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා,

“අපි පාර්ලිමේන්තුව ඇතුළට යන්නේ නැතුව ඉන්නේ මේ මැරයොන්ට බයේ නෙමෙයි. සීලාචාර සමාජයක් වෙනුවෙන් නියෝජිතයෝ හැටියට පෙනී සිටින හින්දා, ඒ සමාජයට ගරු කිරීම් වස් අපි මේ මැර ප්‍රහාරවලින් ඈත්වෙලා ඉන්න උත්සහ කරනවා. හැබැයි ඒක අපේ දුර්වලකමක් හැටියට සලකන්න එපා පාර්ලිමේන්තුව ඇතුළේ සිටින මැර කණ්ඩායම්. තරුණද, මහලු ද, කිසි ප්‍රශ්නයක් නෑ, අපට අත පය වනන්න ආවොත් අපි ගුටිකාලා දුවන්නෙත් නෑ.”

එහිදී අදහස් දැක්වූ හර්ෂණ රාජකරුණා මහතා,

“දැන් මෙතුමන්ලා කියන්නේ කතානායකතුමාට අපි තර්ජනය කළා කියලා. පාර්ලිමේන්තුවේ තියෙනවානේ ඕනේ තරම් CCTV කැමරා ෆුටේජ්. ඒ CCTV කැමරා දර්ශන දාන්න එළියට. මේ රටේ ජනතාවට තීන්දු කරන්න දෙන්න කවුද තර්ජනය කළේ ? කවුද තර්ජනය නොකළේ කියලා.”  

විරෝධතාවය අවසානයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට පැමිණි මන්ත්‍රීවරුන් ” විපක්ෂයේ පාර්ලිමේන්තුව” යන මැයෙන් පවත්වන මාධ්‍ය හමුවටද එක්වුණි.

එම මාධ්‍ය හමුවට එක්වමින් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,

“අපි මේ සම්බන්ධයෙන් දැනට අන්තර් පාර්ලිමේන්තු සංගමයට, පොදුරාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමයට, සාර්ක් සංගමයට මම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියට ලිපියක් යවලා තියෙනවා. යම් මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුව තුළදී පහරදීම, නිද්දා කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පමණක් දඬුවම් කළ හැකි වැරදි. වැඩි කථා අවශ්‍ය නැහැ කථානායකතුමා දැක්ක දේ ගැන ඉක්මන් තීන්දුවක් දුන්නේ නැත්නම් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට