ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි , බිරිඳ ඇතුළු 13ක් ජිවිතක්ෂයට (video)
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ, කුනූර් ප්‍රදේශයේදී සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරෙන් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් , බිරිඳ ඇතුළු 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය ගුවන් හමුදාව සඳහන් කර සිටිනවා.
මෙම හෙලිකොප්ටරය අනතුරෙන් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් ගේ බිරිඳ ද ජිවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Mi-17V5 වර්ගයේ හෙලිකොප්ටරයක්.
ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ, ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිපින් රවාට්, ඔහුගේ පවුලේ සමාජිකයින් කිහිපදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු අනතුරට පත් හෙලිකොප්ටර් යානයේ ගමන් කර ඇති බවය.
මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම යානයේ පුද්ගලයින් 14 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් සිට ඇති බවත් ඉන් තිදෙනෙකු බේරාගෙන රෝහල වෙත යොමුකළ බවත් පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වේ.
නමුත් එම යානයේ කිදෙනෙකු සිටියාද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් තහවුරු වී නොමැත.
එම අනතුර සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස එරට හමුදා බලධාරීන්ට නියෝග කර තිබේ.