මාර්ගවල කෙළ ගසන පුද්ගලයින්ට වැඩ වරදියි
ගම්පහ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැති රැස්වීමකදී ඒ පිළිබඳව සාකච්ඡා වී ඇත.
පොලිස් ආරක්ෂණ සහ ජනාධිපති කාර්යාලයේ විශේෂ පැවරුම් හා පරිසර අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතා පොලිස් පරිසර ඒකකයට මෙම උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.
මාර්ගවල තැනින්තැන කෙළ ගැසීමෙන් දැඩි අපවිත්‍ර තාවයක් ඇතිවීම මෙන්ම කොරෝනා වෛරස ව්‍යාප්තියටද හේතුවක් වන බැවින් ඒ වෙනුවෙන් නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාවය මතුවී තිබේ.
දණ්ඩ නීති සංග්‍රහය අනුව එම වරද කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩු පැවරීම කළ හැකි බවද එහිදී අනාවරණය වී තිබුණි.