මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන්, නිලධාරීන් 2කට ඇමරිකාවට ඇතුළුවීම තහනම්

මෙරට ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට ඇමෙරිකාවට ඇතුළුවිම තහනම් කරමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝගයක් නිකුත් කර තිබේ.

මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් මෙසේ ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇත්තේ නාවික හමුදා බුද්ධි නිලධාරී චන්දන හෙට්ටිආරච්චි මහතාට හා හිටපු යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයෙක් වන සුනිල් රත්නායක මහතාටයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ත්‍රිකුණාමලයේදී 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිදුවීම සම්බන්ධයෙන් චන්දන හෙට්ටිආරච්චි මහතාටත්, දමිල ජාතිකයටන් 8 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සුනිල් රත්නායක මහතාටත් එල්ල වී ඇති චෝදනා හේතුවෙන් ඔවුන් දෙදෙනාට මෙසේ ඇමෙරිකාවට ඇතුවවීම තහනම් කර තිබේ.

මෙම දෙදෙනාට පෞද්ගලිකවත්, සාමුහිකවත් ඇමෙරිකාවට ඇතුළුවීමට අවස්ථාවක් හිමි නොවන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට අමතරව රටවල් කිහිපයක පුද්ගලයන් කිහිප දෙනෙකුට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් නියෝග නිකුත් කර තිබේ්‍