ආණ්ඩුව කරන්න බැරි නම් ආණ්ඩුව අපිට බාර දෙන්න! අපි කරලා පෙන්නන්නම්! – හර්ෂ ද සිල්වා

දැනට රට තුළ මතුව ඇති උග්‍ර ආර්ථික අර්බූදය විසදීමේ හැකියාව සමගි ජන බලවේගය සතු බවත්, ඒ සදහා වැඩපිළිවෙළක් දැනටමත් සකස් කොට අවසන් බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ඒ සදහා හැකියාව ඇති පුද්ගලයන් පක්ෂය සතුව ඇති බව කී ඒ මහතා තමන්ට ජාත්‍යන්තර සබධතා ඇති බවද පෙන්වා දුන්නේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එමනිසා ආණ්ඩුව කරගෙන යාමට නොහැකි නම් ආණ්ඩුව අපට බාර දෙන ලෙසත්, රට නිසි අයුරින් ඉදිරියට රැගෙන ගොස් පෙන්වීමට තම පක්ෂයට හැකි බවත් ඒ මහතා කීය.