බදු ගහන්න එපා! අලුත් නීති දාන්න එපා! කඩා වැටුණු සංචාරක ව්‍යාපාරය ගොඩ ගන්න : සජිත්

පාස්කු ප්‍රහාරය හේතුවෙන් සහ කොරෝනා වසංගතය හේතුවෙන් විනාශ වී ඇති සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීම සම්බන්ධයෙන් යෝජනා මාලාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කොට ඇත.

අයවැය මගින් ඍණාත්මක බලපෑමක් එල්ල වන බවද ප්‍රේමදාස මහතා සිය නිවේදනය මගින් සදහන් කොට ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ණය මුදල් ගෙවීම වසර 2ක කාලයක සහන කාලයක් දීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආදිය මේ අවස්ථාවේ සිදු කළ යුතු බවද විපක්ෂනායක එහි පෙන්වා දී තිබේ.

ආණ්ඩුවේ යෝජිත සංචාරක පනත මගින්ද සංචාරක කර්මාන්තයට හානිකර බලපෑමක් වන බවද විපක්ෂනායකවරයා සිය නිවේදනය මගින් පෙන්වා දෙයි.