පී.බී.ගෙ වැඩේ කොට උඩ!

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා එම තනතුරින් ඉල්ලා අස්වනු ඇති බවට බොහෝ මාධ්‍ය පුවත් වාර්තා කර තිබුණද එවැන්නක් සිදු නොවනු ඇති බව රජයට සමීප ආරංචි මාර්ග තහවුරු කරයි.

එම ආරංචි මාර්ග ‌වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තවදුරටත් ජනාධිපති ලේකම් ධූරයේ කටයුතු කිරීමට ඒ මහතා තීන්දු කර ඇති බවකි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පසුගිය දින කිහිපයේ ඇතැම් මාධ්‍ය පුවත් වාර්තා කොට තිබුණේ පී.බී ජයසුන්දර මහතා වෙනුවට දැනට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් රාජකාරි කරන ඩී.එම්. අනුර දිසානායක මහතා පත් කරනු ඇති බවත් ය.