තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 270ක්….මරණ සංඛ්‍යාව 53ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 270 දෙනෙකු වාර්තාවී තිබෙනවා.
ඔවුන් සියලුදෙනා ද මීට පෙර හමුවී ඇති ආසාදිතයන්ගේ සමීපතම ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මේවන විට හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 16191ක්.
ඔවුන්ගෙන් 5107 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලැබූ 11031 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 53ක්.