ජර්මනිය , නයිජීරියා, සයිප්‍රස් යන රටවල් 3ක තානාපති කාර්යාල වහන්න යයි!
පවතින ඩොලර් අර්බුදය හමුවේ වියදම් කපාහැර ඩොලර් ඉතිරි කරගැනීමේ අරමුණෙන් රටවල් තුනක පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල 3ක් වසාදැමීමට නියමිත බව වාර්තාවේ.
ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවර හා සයිප්‍රස් හි පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාල දෙක මෙන්ම නයිජීරියාවේ තානාපති කාර්යාලය වැසීමට තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය – මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසන බවයි.
ඒ අනුව, ෆ්රැන්ක්ෆර්ට් හි කොන්සුලර් කාර්යාලය බර්ලින් අගනුවරට ගෙන යාමට නියමිත බවත්, වර්තමානයේ පවතින තත්වය හමුවේ නයිජීරියානු තානාපති කාර්යාලය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවට ඒත්තු ගැන්වුනු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.
පවතින ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලු අමාත්‍යවල සහය තවදුරටත් ඉල්ලා ඇති අතර, ඒ අනුව අමාත්‍යංශ විසින් මේ වන විට අනුගමනය කරන වියදම් කපාහැරීමේ ක්‍රමවේදය යටතේ මෙම පියවර ගත් බව විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා ඇත.