ඉන්දියාවේ බුද්ධගයාවට බෝම්බ ගැසූ ත්රස්තවාදීන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
2018 වසරේ ජනවාරි මස 19දා ඉන්දියාවේ බුද්ධගයාවේ දී සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් සහ ඊට සහාය දක්වන ලද පස් දෙනෙකුට වසර 10ක සිර දඩුවම් ලබාදීමට ඉන්දියාවේ පට්නා අධිකරණ ඊයේ (17) නියෝග කළේය.
අති උතුම් දලයිලාමා තුමා ගේ ආගමික වැඩසටහනක් එදින පැවති අතර එය අවසන් වී විනාඩියක් ඇතුලත මෙම බෝම්බ ප්‍රහාරය එල්ලකර තිබේ.
එම ප්‍රහාරයෙන් භික්ෂූන් වහන්සේලා දෙනමක් බරපතල තුවාල ලැබීය.
අදාළ වරදකරුවන්ට විත්තිකරුවන්ට රාජ්‍යයට එරෙහිව යුද්ධයක් පැවැත්වීමේ චෝදනා, නීති විරෝධී ක්‍රියාකාරකම් වැළක්වීමේ පනත 16, 18 සහ 20 වගන්ති සහ පුපුරණ ද්‍රව්‍ය පනතේ 4/5 වගන්තිය යටතේ නඩු පවරා ඇත.
එම නඩු විභාගයෙන් පසුව දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ වරදකරුවන් බියුර්හි මධ්‍යම බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.