මතු ආත්මයේදී සිංහලකම පතන මනෝ ගනේෂන්
දකුණේ දැඩි සිංහල ගමක, සිංහල පමණක් කථා කරන පවුලක ලබන ආත්මයේදී ඉපදීමට කැමති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු පවසන්නේ ඒ් සඳහා හේතු ගණනාවක් බලපා ඇති බවයි. එසේම උතුර, නැගෙනහිර හා කඳුකරයේ දෙමළ දේශපාලඥයින්ගේ ක්‍රියාකලාපය පිළිබඳව තමන් කනගාටුවට පත්ව ඇති බවත් ඔහු පවසයි.
“ඊළඟ භවයේදී මම සිංහලයෙක් ලෙස ඉපදෙන්න කැමති
මේ උපන්දිනයේ, මීට පෙර මම පසුකරමින් ආපු උපන්දිනවල නොපැමිණි ආශාවක් මාතුල ඇති වනවා. ලබන භවයේදී මම ශ්‍රීලංකාවේ සිංහලයෙක් වෙලා ඉපදින්න ඕනේ. දකුණු පළාතේ, සිංහල පමණක් කතා කරන දැඩි සිංහල ගම්මානේ පවුලක ඉපදීමට කැමතියි. මේවාට හේතුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට මම කැමති නැහැ.
නමුත්, මෙයින් අදහස් කරන්නේ මම දමිළට වෛර කරන බවක් නෙවෙයි. මගේ මව් භාෂා වන දමිළ ගැන මට තියෙන්නේ ලොකු බැඳීමක්. මම, ශිෂ්‍ය කාලයේ සිට දමිළ භාෂාවෙන් අත්සන් කරන දෙමළෙක්. දමිළ උද්දච්චකමත් ඇති මට කවදාවත් මහන්සි ඇති වෙන්නේ නැහැ. සෑම උපන්දිනයක් සමඟම මට දැනෙන්නේ මම තරුණ වන අතර, තරුණ බව මා තුළ පැද්දෙන බවයි.
ඒත්, මැත කාලේ සිට, මගේ හිතේ කලකිරීමක් ඇති වනවා. උතුරේ, නැගෙනහිරේ, කඳුරටේ ක්‍රියාත්මක වන දමිළ දේශපාලකයින් ගැන, දමිළ දේශපාලන ක්‍රියාදාමය ගැන, මට කලකිරීමක් ඇති වනවා. දීර්ඝ කාලයක් මෙම ක්රියාදාමයේ ඉන්න මගේ හිත ඉඩ දෙන්නේ නෑ.
මට සමු දෙන්න. මම මැරිලා, නැවත ඉපදිලා එනවා. දකුණු පළාතේ, සිංහල පමණක් කතා කරන දැඩි සිංහල ගම්මානේ පවුලක ඉපදිලා එනවා. ස්තුතියි”