සාමාන්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබේ.

ඒ අනුව, ආසන කලින් වෙන්කිරීමට සිදුවන නගරාන්තර දුම්රිය වල හැර සාමාන්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සියල්ල අත්හිටුවන බව ඔවුන් පවසයි.

පාර්සල් ප්‍රවාහන කටයුතු නතර කිරීමට ඊයේ දින ඔවුන් තීරණය කර තිබුණි.

අද දිනයේදී මාධ්‍ය හමුවක් අමතමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ ඊයේ දිනයේදී දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා හා පැවති සාකච්ඡා අසාර්ථක වූ බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!