පොලිස් සැරයන්වරයෙකුගේ වෙඩි පහරින් OIC හා තවත් නිලධාරින් 3ක් මරුට… වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු සිය මවට හාදුවක් දී පොලිසියට භාරවේ (Photos)

තිරුකෝවිල් පොලිස් ස්ථානයේදී සිදුවූ වෙඩි තැබීමකින් දෙමළ – මුස්ලිම් ජාතික පොලිස් නිලධාරීන්, දෙදෙනෙක් සහ සිංහල ජාතිකයන් දෙදෙනෙක් මිය ගොස් ඇත .

මියගොස් ඇත්තේ පණ්ඩිරුප ප්‍රදේශයේ නවීනන් සහ ඔළුවිල් ප්‍රදේශයේ අබ්දුල් කදීර් , බිබිල ප්‍රදේශයේ දුෂාර, සහ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචි ප්‍රබුද්ද යන 4 දෙදෙනෙකි .

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වෙඩි තැබූ පොලිස් සැරයන්වරයා රයිෆල් දෙකක් සහ පතොරම් 19ක් තම වාහනයේ තබාගෙන පැනගොස් මව බැලීමෙන් පසු ඇයට හාදුවක් දී , ඔහු උපන් ගම වන මොනරාගල දිස්ත්‍රික්කයේ එතිමලෙයි පොල්සියට භාරවී ඇත .

සිද්ධියෙන් පසු පොලිස් ස්ථානය සම්පූර්ණයෙන්ම විශේෂ කාර්ය බළකාය යටතට ගෙන ඇති බවද දැනගන්නට ඇත.

සිකුරාදා රාත්‍රී 10.55 ට පමණ තිරුකෝවිල් පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු පොලිසියට ඇතුළු වී රාජකාරි නිලධාරියා සතුව තිබූ ආයුධයක් උදුරා ගෙන ස්ථාන භාර නිලධාරියා ඇතුළු හය දෙනකුට වෙඩි තබා තම වාහනයේ නැගී පලා ගොස් ඇත .

පොලිස් සැරයන්වරයෙකු වන ඔහු , නිවසට යාමට පොලිස් ස්ථාන භාර නිලධාරියාගෙන් නිවාඩු ඉල්ලා, තමාට නිවාඩු ලබා නොදීම නිසා, කෝපයට පත්වී, සිකුරාදා රාත්‍රී 11.30 ට පමණ පොලිස් ස්ථානාධිපතිවරයාට වෙඩි තබා ඇත්තේ ඔහු තම වාහනයට නැඟී මුර සංචාරයට යාමට සූදානම් වෙමින් සිටියදීය.

ඔහුව වැලැක්වීමට උත්සාහ කළ පොලිස් නිලධාන්ටද වෙඩි තැබූ අතර, එම ස්ථානයේදීම පොලිස් නිලධාරීන් තිදෙනෙකු මිය ගොස් ඇත.