දුම්රිය ස්ථානාධිපති සංගමය සහ ඇමති අතර සාකච්ඡාවක්

දුම්රිය ස්ථානාධිපති සංගමය සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.

දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ අදාළ සාකච්ඡාවෙන් සිය ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවන බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති අතර අද (28)  දිනයේ සිට ඉන්ධන, සිමෙන්ති සහ තිරිඟු පිටි ප්‍රවාහන කටයුතුවලින් ඉවත්වීමට ඔවුන් තීරණය කර තිබේ.

කෙසේ වෙතත් සිය වෘත්තීයට අහිතකර වන අකාරයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට බලධාරීන් කටයුතු කළහොත් තමන්ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් සිය ඉල්ලීම් තුළ වෙනත් කිසිදු වෘත්තියකට අහිතකර වන ආකාරයේ ඉල්ලීම් නොමැති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළේය.