පරිවර්තනීය රටක් ගොඩනැගීමට එක්වෙමු – ජනපති
රටේ උන්නතිය සඳහා නව ප්‍රතිසංස්කරණ රාශියක් සකස් වෙමින් පවතින අතර අකර්මණ්‍යව පැවැති රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් නැවත ක්‍රියාත්මක කිරීමටත්, ඒවා ජනතා අයිතියට පත් කිරීමටත් මෙම රජය විසින් පියවර ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
2022 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ කොවිඩ් ගෝලීය වසංගත තත්ත්වය රටේ ඉදිරිගමන අඩාල කළ බවයි.
කොවිඩ් වසංගතය හමුවේ රජය ගත් පියවර ගෝලීය පැසසුමටද ලක්වූ බව පෙන්වා දෙන ජනාධිපතිවරයා පැවසුවේ,
වසංගත තහංචි මධ්‍යයේ පවා ඔබ අද භුක්තිවිඳින නිදහස මෙරට ජනතාව විසින් කරන ලද අපරිමිත කැපකිරීම්වල ප්‍රතිඵලයක් බවයි.
ජනතාව පීඩාවට පත්වීමට තුඩුදුන් පදනම් විරහිත දේශපාලන අරගල රටට ආදරය කරන බහුතර ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීම ජනතාව රජය කෙරෙහි තබා ඇති විශ්වාසය තහවුරු කිරීමක් බව ද ජනධිපතිතුමා සඳහන් කළේ ය.
නව වසර ජනතාවට සෞභාග්‍යයේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවන පරිවර්තනීය වසරක් බවට පත් කරන ලෙස සැමට ආරාධනා කරන බව ද, ජනාධිපතිවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් ය.