විශිෂ්ට කාන්තාවන් 10කට ජනපතිගෙන් සම්මාන
ක්ෂේත්‍ර කිහිපයක දක්ෂතා දක්වමින් රටේ ප්රගමනයට දායක වූ විශිෂ්ට කාන්තාවන් ඇගයීම සඳහා පැවති Wise Woman ජාතික වැඩසටහන අද (04) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ක්ෂේත්‍ර කිහිපයක දක්ෂතා දක්වමින් රටේ ප්රගමනයට දායක වූ විශිෂ්ට කාන්තාවන් 10දෙනෙකු එහිදී ජනපති අතින් සම්මාන ලබාගත්තේ ය.
මෙරට කාන්තා ජනගහණ ප්‍රතිශතය 52%කි.
එහෙත් සමස්ත ජනගහණයේ කාන්තා ශ්‍රම දායකත්වය 30%ක් වැනි අඩු අගයක පවතින බව කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත.
කාන්තාවන් සඳහා නිපුණතාව සංවර්ධනය හා වෘත්තීය පුහුණුව ලබා දී, එමගින් ඔවුන් ජාතික ආර්ථිකයට දායක කර ගැනීම වැඩසටහනේ අරමුණයි.
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය මගින් වැඩසටහන ක්‍රියාවට නැංවේ.
ඒ අනුව මහාචාර්ය නිලීකා මලවිගේ, ආචාර්ය ආශා ඩි වෝස්, කස්තුරි විල්සන්, නිපුනි කරුණාරත්න, මෙලනි වගආරච්චි, පවිත්‍රා ගුණරත්න, රංගනා වීරවර්ධන, අයන්ති ගුණසේකර, නෙල්කා ශිරෝමාලා සහ තිලංකා අබේවර්ධන යන මහත්මීහු ජනාධිපතිවරයා අතින් විශිෂ්ඨ කාන්තාවන් ලෙස සම්මාන ලැබීය.
එහිදී අදහස් දැක්වූ නිපුණතා සංවර්ධන, රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය.
“අපේ රටේ කාන්තාව සවිබල ගැන්වූ විට සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස කුමන අභියෝග හමුවේ වුවද දෙවැනි වන්නට ඉඩක් නෑ.මහ පොළොවෙන් සොයාගත් මැණිකකට වඩා ඔප දැමිය හැකි, කවදා ලැබේදැයි නොදන්නා තෙල් ආකරවලට වඩා වටිනාකමක් ඇති කාන්තා ශ්‍රම බලකායක් අප රට සතුවනවා. ඔවුන් හඳුනාගෙන ඔප දැමූ දවසට මෙවැනි වසංගත කාලයක වුව ද නැඟී සිටීමේ ශක්තිය අප සතු වනවා.”