සුසිල් ප්‍රේමජයන්ත ඉවත් කිරීම, පක්ෂෙ ඇතුළෙ කතා කරලා ගත්ත තීන්දුවක් නෙමෙයි – ඩලස්

සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉවත්කිරීමට ගත් තීන්දුව ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගත් තීන්දුවක් හෝ පක්ෂයක් අභ්‍යන්තරයේ සාකච්ඡා කර ගත් තීන්දුවක් නොවන බව ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (04) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එය ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා හට පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණයක් බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

ප්‍රේම්ජයන්ත මහතා එම ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව සමීප මිත්‍රයෙකු ලෙස එම පුවත දැන ගැනීමෙන් තමන්ට ක්ෂණිකව කනගාටුවක් ඇතිවුණ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත්, මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට විවේචනය කිරීමක් නිසාවෙන් මෙය සිදුවූවක් බවට හේතු දැක්වීමක් සිදුවී නොමැති බවද ඇමතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.