2021දී රේගුවෙන් කෝටි 64,380ක වාර්තාගත ආදායමක්

වසර 2021දී රුපියල් කෝටි 64,380ක (බිලියන 643.8) ආදායමක් එක්රැස් කර ගැනීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සමත් වී තිබේ. වසර 2021 තමන් අපේක්ෂා කළ ආකාරයටම ආදායම් එක්රැස් කර ගැනීමට සමත් වී ඇතැයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.වී. රවිප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

වසර 2021 ආරම්භයේදී රුපියල් කෝටි 96,300ක ආදායමක් එක්රැස් කර ගැනීමට ඇස්තමේන්තු කළ ද කොවිඩ් – 19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ රට අගුළු දමා සංචරණ සීමා පැනවීම හේතුවෙන් එම ඉලක්කය නැවත සමාලෝචනය කළ බව ද රවිප්‍රිය මහතා කීය. ඒ අනුව රුපියල් කෝටි 63,333ක ආදායමක් ඉලක්ක කළ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. වසර නිමා වන විට එම ඉලක්කය ජය ගැනීමට තමන්ට හැකි වූ බව රවිප්‍රිය මහතා පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වසර 2020දී තම දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 65,400ක ආදායමක් එක්රැස් කරගත් බව ද 2021 වසරේදී වැඩිම ආදායමක් එක්රැස් කළ මාසය මාර්තු වේ. එම මාසයේදී රුපියල් කෝටි 6520ක ආදායමක් එක්රැස් කර ඇත.