තෙල් ටැංකි 14 අවුරුදු 50කටම ඉන්දියාවට දෙන ගිවිසුමට අස්සන් කරයි!
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ ගිවිසුමට අද (06) සවස අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.
අදාළ ගිවිසුමට අත්සන් කළ පාර්ශ්ව අතර භාණ්ඩාගාර ලේකම්, ඉඩම් කොමසාරිස් ජනරාල්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා IOC සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් ඇතුළත් වෙයි.
ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ව්‍යාපාර කටයුතු සඳහා තෙල් ටැංකි 24ක් වෙන් කෙරෙයි.
ලංකා IOC සමාගම දැනටමත් භාවිතය ගනිමින් පවතින පහළ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 14ක් එම සමාගමේ ව්‍යාපාර කටයුතු සඳහා වෙන් කිරීම සිදුවෙයි.
එහිදී අයි ඕ සී සමාගම භාවිත කරන තෙල් ටැංකි 14 පමණක් තවත් වසර 50කට ඔවුන්ට බදුදීමට නියමිතය.
ඉතිරි තෙල් ටැංකි 61 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 51%ක් හා ලංකා IOC සමාගමට 49%ක් කොටස් අයිතිය හිමිවන ලෙස ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නමින් ස්ථාපිත සමාගම හරහා සංවර්ධන කිරීම මෙම ගිවිසුම මගින් සිදුකරයි.