සංචරණ සීමා මැද්දේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 49,490ක ආදායමක්

රට අගුළු දමා සංචරණ සීමා පනවා තිබියදී පවා වසර 2021දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 49,490ක (රුපියල් බිලියන 494.9) ආදායමක් එක්රැස් කර ගත් බව දේශීය ආදායම් කොමසාරිස් ‍ජනරාල් නීතිඥ එච්. එම්.ඩබ්.සී. බණ්ඩාර මහතා ‘දිනමිණ’ ට ඊයේ (7) ප්‍රකාශ කළේය.

වසර 2021දී තම දෙපාර්තමේන්තුව එක්රැස් කර ගත් ආදායම පෙර වසරට (2020) සාපේක්ෂව රුපියල් කෝටි 7,500ක (රු. බිලියන 75ක) වැඩි වීමකි. එය ප්‍රතිශතයක් ලෙස ගත් විට 18% වර්ධනයක් බව ඒ මහතා කීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙවැනි ආදායමක් එක්රැස් කර ගැනීමේදී වැඩිම දායකත්වයක් ආදායම් බදුවලින් ලැබී ඇතැයි ද එය රුපියල් කෝටි 25,850ක් (රු. බිලියන 258.5ක්) බව ද ජනරාල්වරයා සඳහන් කළේය. ඊට අමතරව එකතු කළ අගය මත බද්ද (VAT) බදු මඟින් රුපියල් කෝටි 19,000ක් (රු. බිලියන 190) බව බණ්ඩාර මහතා පැවසීය.

වසර 90ක් සපිරෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළම බදු ආදායම අපේක්ෂිත වර්ෂය ලෙස මේ වසර (2022) හැඳින්විය හැකි බව කී කොමසාරිස් ජනරාල්වරයා එය රුපියල් කෝටි 106,780 (රුපියල් බිලියන 1067.8) බව පෙන්වා දුන්නේය.