‘බූස්ටරය’ නොගත්තොත් ජීවිත අවදානමේ

– වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි

බූස්ටර් මාත්‍රාව නොගත් වයස අවුරුදු 60ට ඉහළ සහ නිදන්ගත රෝග පවතින පුද්ගලයන් හට ජීවිත අවදානමකට මුහුණ දීමට සිදු විය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි වසංගත විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ‘දිනමිණ‘ට ඊයේ (7) පැවසුවේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

යුරෝපා රටවලට අමතරව අසල්වැසි ඉන්දියාවේ පවා ඔමික්‍රොන් ආසාදිතයන් වාර්තා වීම මේ වන විට ඉහළ ගොස් ඇති බවත් එවැනි තත්ත්වයක් යටතේ අපේ රටටත් එම වයිරස් ප්‍රභේදයේ බලපෑමක් ඉදිරි කාලයේදී විය හැකි බවත් ඒ මහතා කීය.

වයස අවුරුදු 20ට වැඩි මෙරට ජනගහනයෙන් බූස්ටර් එන්නත ගෙන ඇත්තේ සියයට 28ක ප්‍රතිශතයක් යැයි ද ඔහු කියා සිටියේය.

මෙතෙක් කළ එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වය නිසා මේ වන විට ඩෙල්ටා වයිරසය ආසාදිතයන්ගේ වාර්තා වීම සහ මරණ වාර්තා වීම අවම වී ඇතැයි ද ඔහු පැවසුවේය.