ඇතැම් ප්‍රදේශ හුදෙකලාවෙන් ඉවතට

හුදෙකලා ලැයිස්තුවට තවත් ප්‍රදේශ කිහිපයක්: ඇතැම් ප්‍රදේශ හුදෙකලාවෙන් ඉවතට

කොළඹ දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර තිබේ. 

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව මරදාන, කොළඹ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය සහ වේල්ල විදීය යන ප්‍රදේශ ලබන සඳුදා (16) අලුයම 5.00 සිට යළි දැනුම් දෙන තුරු හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත.

එමෙන් ම, කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කර ඇති සෙසු පොලිස් බල ප්‍රදේශ හුදෙකලා තත්වයේ ම පවතින බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මීට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බල ප්‍රදේශය ද සඳුදා (16) අලුයම 5.00 සිට යළි දැනුම් දෙන තුරු හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබේ.

එමෙන් ම ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, ජා-ඇල, රාගම, කඩවත, වත්තල හා පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශ තව දුරටත් හුදෙකලා තත්ත්වයේ ම පවතින අතර එම දිස්ත්‍රික්කයේ සෙසු පොලිස් බල ප්‍රදේශ ලබන සඳුදා (16) අලුයම 5.00 සිට හුදෙකලා තත්වයෙන් ඉවත් කරන බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මීට අමතරව, දැනට හුදෙකලා කර ඇති දිවයිනේ සෙසු පොලිස් බල ප්‍රදේශ ද සඳුදා (16) අලුයම 5.00 සිට හුදෙකලා තත්ත්වයෙන් මුදා හරින බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.