ඖෂධ වර්ග 80 ක පමණ හිගයක් ඇතිවීමේ අවදානමක් : රවී කුමූදේශ්
රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හේතුවෙන් ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80 ක පමණ හිගයක් ඇතිවීමේ අවදානමක් ඇති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයෙය් සභාපති රවී කුමූදේශ් මහතා පැවසීය.
මෙම වසරට (2022) අදාල වාර්ෂික ඖෂධ ඇස්තමේන්තුවලට අදාල ඖෂධ මිලදී ගැනීම සදහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80 ක් පමණ මිලදීගැනීමට නොහැකිවන තත්වයක් නිර්මාණය වී ඇති බව කී කුමුදේශ් මහතා සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂය සදගා ඖෂධ ඇස්තමේන්තු කලින් වසරේ ජනවාරි මස සිට සකස් කරන බව ද සඳහන් කළේය.
නියමිත ටෙන්ඩර් පටිපාටිය අවසන් කර මිලදී ගැනුම අගෝස්තු මස ආරම්භ වී තෝරාගන්නා සමාගම් සදහා ණයවර ලිපි නිකුත් කර මාස හතරක පමණ කාලයක් ඖෂධ ගෙන්වීම සදහා වැයවන බැවින් ජනවාරි මාසය වනවිට ඖෂධ රට තුළට ළගා වීම සිදුවන බවත් කෙසේ වෙතත් 2022 වර්ෂය සදහා අවශ්‍ය ණයවර ලිපි මේ වන තෙක් නිකුත් වී නොමැතිවීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ ඇනවුම් කිරීමේ ක්‍රියාවලිය දැනටමත් මාස 4ක පමණ ප්‍රමාද වී ඇති බවත් කුමුදේශ් මහතා කීය.