පුංචි ජන්දය අවුරුද්දකින් කල් දමන ගැසට්ටුව ගහයි!

වර්තමානයේ ක්‍රියාත්මක පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ (2023) මාර්තු මස 19 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ආන්ඩුව පියවර ගෙන ඇත.
ඒ අනුව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ඊට අදාළ නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව මහ නගර සභා, නගර සභාව සහ ප්‍රාදේශීය සභා 2023 වසරේ මාර්තු 19 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.