රනිල් , රාජපක්ෂලාව යළි බේරලා දෙයි!

බදුල්ල සභාවේ සභාපතිවරයා පත්කරගැනීමේදී ශ්‍රී ලංකා ‌පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර රහස් දේශපාලන ගනුදෙනුවක් සිදුව ඇති බව වාර්තා වේ.

වාර්තා වන ආකාරයට බදුල්ල සභාපතිවරයා ඉවත් කිරීමට ඌව ආණ්ඩුකාරවරයා විසින් තීන්දුවක් ගෙන තිබූ අතර අද දිනයේදී නව සභාපතිවරයෙක් පත් කරගැනීමට සැලසුම් කර තිබිණ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව දැනට සිටින උප සභාපතිවරයා එම තනතුරට පත් කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය ඇතුලු අනෙකුත් පක්ෂ එකගතාවකට පැමිණ සිටි බව වාර්තා වේ.

කෙසේවෙතත් එසේ තිබියදී අද දින ‌‌එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් හට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලැබී ඇති පණිවුඩයකින් කියැවී ඇත්තේ පොහොට්ටුවේ හිටපු සභාපතිවරයාම යළි බලයට පත් කිරීම සදහා කටයුතු කරන ලෙසය.

කොළඹින් ලැබුණු එම නියෝගයට අනුව නැවත වතාවක් ඉවත් කරනු ලැබූ සභාපතිවරයාම එම තනතුරට පත් කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කොට ඇති බව වාර්තා වේ.