කොරෝනා මරණ ගැන අසත්‍ය ඡායාරූප පළ කළ තරුණයා 18 වන දා දක්වා රිමාන්ඩ්
කොරෝනා ආසාදිත පුද්ගලයින් මහ මග මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ඡායාරූප පළ කිරිමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා ලබන 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
සැකකරු කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අද (14) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
ඔහු එම ප්‍රදේශයේ ගරාජයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
එමෙන් ම, ඔහු සමාජ මාධ්‍යට ඔස්සේ පලකර ඇති අසත්‍ය ඡායාරූප හුවමාරු කළ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.