දුම්රිය ස්ථානාධිපති වර්ජනය අඛණ්ඩව

දුම්රිය ස්ථානාධිපතිවරුන් අදාළ සියලුම රාජකාරි වලින් ඉවත් වී අද (13දා) සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යෑමට සංගමයේ විධායක කමිටුව විසින් තීරණය කර ඇති බව. ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය.

දුර ගමන් සේවා කලින් ආසන වෙන් කල දුම්රියන් නොදන්වා අත්තනෝමතික ලෙස අවලංගු කිරීම, දුම්රිය ධාවන කාර්‍යමණ්ඩලය නිසිලෙස පරිපාලනය නොකිරීම, සාමාන්‍ය දුම්රිය කාලසටහන ක්‍රියාත්මක නොකිරීම,රාජ්‍ය අමාත්‍යවරයා ලබා දුන් නියෝගයන් ක්‍රියාත්මක නොකිරීම ආදී කරුණු රාශියක් පදනම් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වු බව ඔහු පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම ගැටලු විසඳා ගැනීමේ මුලික පියවර ලෙස සාකච්ඡා වට හයක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමගත් අමාත්‍යංශ සමග සාකච්ඡා වට දෙකකුතත් පැවැත් වු බව ඔහු පැවසීය.

නිලවශයෙන් කරණ එකී සාකච්ඡා වලදි ගනු ලබන තීන්දු තීරණ මෙතෙක් ක්‍රියාවට නැගී නැති බව ඔහු පැවසීය.

ගැටලු විසඳනතුරු අකණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යෑමට තිරණය කල බව ඒ මහතා වැඩිදුරටත් පැවසසීය.

මේ පිළිබඳව අප දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතාගෙන් විමසු විට ඒ මහතා පැවසුවේ ඔවුන් වැඩ වර්ජනයකට යොමුව ඇත්තේ කිනම් කාරනයකටදැයයි තමා නොදන්නා බවයි.

දිනකට ගමන්වාර තුන්සීයක් පමණ පැවැත්වෙන දුම්රිය සේවයේ කර්ය මණ්ඩලයේ හිඟකම හේතුවෙන් ඇතැම් අවස්ථාවල දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදු වු බව ඔහු පැවසීය.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් අලි එන මහ කැලයක් මැද සහ කඳුකරයේ දුම්රිය ස්ථාන දෙකක් අතර දුම්රියන් දෙකක් නැවතුම්පොළකට යාමට නොහැකි වනලෙස අතරමග නැවතුන බව සඳහන් කළ ඒ මහතා එය වෙනත් නිලධාරින් යොදා නැවතුම්පොළකට ගැනීමට සිදු වු බව පැවසීය.

තම ඉල්ලීම් දිනා ගැනීමට මගි ජනතාව තවත් අපහසුතාවයකට පත්වන ලෙස කටයුතු කිරීම අමානුෂික බවද ඔහු පැවසීය.

පසුගිය සාකච්ඡා වලදී ගත් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට අදාල අංශ වෙත යොමුකොට ඇති බව සඳහන් කළ ඒ මහතා ඉදිරි පියවර ගැන සාකච්ඡාවක් එම සංගමය විසින් ඉල්ලුවහොත් එය ලබා දී ගැටලු විඳීමටත් මගී ජනතාව අපහසුවට පත්වීම වළකාලීමටත් පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.