“මගේ මරණයට කාදිනල් මැල්කම් වගකිව යුතුයි” – ගෙල වැලලාගත් තරුණයා

මීගමුව ප්‍රදේශයේදි සිය දිවි නසා ගත් පුද්ගලයෙකුගේ මල සිරුරක් පොලීසියට හමුව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ මීගමුව අන්කර 50 පදිංචි උදිත සඳරුවන් නම් කතෝලික තරුණයෙකි. ඔහු මෝටර් රථ අමතර කොටස් විකිණීම සිදු කළ පුද්ගලයෙකු බවත් වාර්තා වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මල සිරුර පරීක්ෂා කිරීමේදි පොලීසියට ඔහුගේ මුදල් පසුම්බියේ හමුව තිබූ සටහනක ලියවී තිබුනේ “මාගේ මරණයට වගකිව යුත්තේ කාර්ඩිනල් මැල්කම් රංජිත්තුමා සහ කතෝලික සභාවේ සියලුම පූජකවරුන්” බවය.

පසුගිය සමය පුරාවටම මැල්කම් රංජිත් කාඩිනල්වරයා, කතෝලික ජනතාව වෙනුවෙන් සේවය කරනු වෙනුවට විවිධ දේශපාලන වේදිකාවන් වල දේශපාලන ප්‍රකාශ කරමින් සිදු කරනු කතෝලික ජනතාවගේ දැඩි දෝශදර්ශනය ලක්වුනා.

සිදුවීම පිළිබඳ තවදුරටත් වාර්තා වන්නේ බිරිඳගේ වියෝවෙන් පසු තම පෞද්ගලික ජීවිතය සාමන්‍යය තත්වයට පත් කර ගැනීම සඳහා විශාල උත්සහයක් ගත් ඔහුට කාදිනල් මැල්කම් රංජිත් ඇතුළු කතෝලික පල්ලියේ කණ්ඩායමක් දැඩිලෙස විරුද්ධ වී ඇති බවය.

කාදිනල් හිමි ඇතුළු කණ්ඩයාමේ හැසිරීම මෙම පුද්ගලයාගේ සියදිවි නසා ගැනීමට හේතු වූයේද යන්න විමර්ශකයින්ගේ අවදානයට යොමු වී තිබේ. මෙම සියදිවි නසා ගැනීම ගැන පුළුල් පරීක්ෂණයක් මේවනවිට ක්‍රියාත්මක වේ.