සපුගස්කන්ද බලාගාරය සම්පූර්ණ බිදවැටෙන බව කියයි..

උපරිම දින දෙකක් හෝ තුනක් ඇතුලත නැවත වතාවක් සපුගස්කන්ද විදුලි බලාගාරය සම්පූර්නයෙන්ම බිඳ වැටෙනු ඇති බව ලංකා විදුලිබල මන්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
බලාගාරයට අවශ්‍ය දැවිතෙල් නොමැතිවීම හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුවන බව සන්ධානයේ සභාපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.
ඒ හේතුවෙන් දින වකවානුවක් නොමැති රටම අඳුරට පත් වීම ඉතා ඉක්මනින්ම සිදු වනු ඇතැයිද ඔහු පැවසීය.