ලංකාවේ ඔමික්‍රොන් කොරෝනා ආසාදිතයන් 160ක්

ඔමික්‍රොන් කොරෝනා ආසාදිතයන් 160ක් මෙරටින් හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සෛල ජෛව විද්‍යායතනය වෙත යොමු කළ පටල සාම්පල 182ක ජාන විශ්ලේෂණ පරීක්ෂණ මඟින් තහවුරු වූ බවයි ඔහු සදහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මීට අදාළ වාර්තාව මේ වනවිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.