මධ්‍යම අධිවේග කොටසේ ගාස්තු අයකරන්නේ මෙහෙමයි – නොමිලේ යන්නත් අවස්ථාවක් !
ඊයේ (16) විවෘත කෙරුණු මධ්‍යම අධිවේගී මර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටසේ ගාස්තු අයකිරීම් සිදුවෙන ආකාරය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව ඇක්සල් දෙකේ රෝද හතරේ වාහන සඳහා අන්තර් හුවමාරු දෙකක් අතර එනම්, මීරිගමින් ඇතුළුවී කුරුණෑගලින් පිටවීමට අවම ගාස්තුව රුපියල් 100ක් වන අතර එහි උපරිම ගාස්තුව රුපියල් 250කි.
ඇක්සල් දෙකේ රෝද හතරේ වාහන සඳහා මීරිගමින් ඇතුළුවී යග්ගපිටියෙන් පිටවීමට රුපියල් 250ක් අය කෙරේ.
ඇක්සල් දෙකේ රෝද හයේ වාහන සඳහා අන්තර් හුවමාරු දෙකක් අතර අවම ගාස්තුව රුපියල් 150කි.
මීරිගමින් ආරම්භ වී කුරුණෑගලින් අවසන් වීමටත්, මීරිගමින් ඇතුළුවී යග්ගපිටියෙන් පිටවීමට රුපියල් 350ක් අය කෙරේ.
ඇක්සල් දෙකට වැඩි වාහන සඳහා අන්තර් හුවමාරු දෙකක් අතර රුපියල් 150ක ගාස්තුවක් අය කරයි.
එම වාහන සඳහා මීරිගමින් ආරම්භ වී කුරුණෑගලින් අවසන්වීමටත්, මීරිගමින් ආරම්භ වී යග්ගපිටියෙන් අවසන්වීමටත් රුපියල් 550ක ගාස්තුවක් අය කරයි.
ඊට අමතරව කුරුණෑගල සහ යග්ගපිටිය අතර ගාස්තුවක් අය කිරීමකින් තොරව ගමන් කිරීමට අවස්ථාව ලබාදී තිබේ.